රිසාල්ට්
ආවම සමහරුන්ට ඒකෙ තියන සමහරක් දේවල් තේරුම් ගන්න බෑ. A, B, C වගේ එන grade
සහ Absent වගේ ඒවා විතරයි ගොඩක් අය දන්නේ. ඉතින් මේ රිසාල්ට් වල කියවෙන
දේවල් සහ තවත් වැදගත් වෙන GPA එක හදාගන්න විදියත්, ඊට අමතරව HND පාඨමාලාව
සම්පූර්ණ කරගැනීම ගැන වැදගත් වෙන දේවල් ටිකක් ඒ අය වෙනුවෙන්.
-----------------------------------------------------------------------------------
ඕනෑම HND පාඨමාලාවක විෂය ඒකකයන් සහ Industrial training එකක් තියනවනේ. මේ හැම එකක්ම ඇගයීමක් කරලා ලකුණු දෙනවා. මේ ඇගයීමේ ක්‍රමය විභාග, Assignments, Practicals, Reports, Presentations වගේ දේවල් වල එකතුවක් වෙන්න පුළුවන්.
HNDIT පාඨමාලාවේ නම් ගොඩක් course unit වල තියෙන්නේ Assignments සහ සමාසිකය අවසානයේ විභාගය. ඒ ඇරෙන්න තවත් සමහර (Human Value වගේ) unit වල Presentations, Reports වගේ දේවල් මිසක් විභාගයක් නෑ. ඒ වගේම Project එකකදී නම් Project proposal, Presentation, Reports, Final Product, වගේම supervisor එක්ක අතරමැද දී කරන සාකච්ඡා වලටත් ලකුණු ලැබෙනවා. Industrial Training එකටත් ඒ වගේම රිපෝට්, ට්‍රේනින් ඩයරි වගේ දේවල් වලට තමයි ලකුණු දෙන්නේ.
එතකොට මේ එක් එක් කොටස් වලට මුළු ලකුණු 100න් නියමිත ගණනක් තියනවා. ඒ කියන්නේ විභාගයට යන්න කලින්ම යම් ලකුණු ප්‍රමාණයක් අරගෙන තමයි යන්නේ. අදාළ විෂය සම්පූර්ණ වෙන්න නම් මේ විභාගය සහ Assignments කියන කොටස් දෙකම සම්පූර්ණ කරගන්න වෙනවා.
දැන් මේ රිසාල්ට් ෂීට් එකේ තියන දේවල් මොනවද කියල බලමු. (දීල තියන table එකෙන් බලන්න)

>> NE - Not Eligible
මේක එන්නේ අදාළ විෂය සඳහා 80% ක පැමිණීම නැතිවීම වගේ හේතුවක් නිසා විභාගයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය සුදුසුකම් නැති වුණාම.
>> AB - Absent
සුදුසුකම් ලබා තිබුණත් විභාගයට සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකර ආවේ නැත්නම් මේක එනවා. Assignment දීල තිබුණත් නැතත්.
>> DFR - Deferred
මේක එන්නේ විභාගයට ආවේ නැති, ඒ සඳහා වලංගු හේතුවක් ඉදිරිපත් කරපු අයට. හැබැයි අදාළ විෂයට විභාගයට පෙර ලකුණු ලැබෙන Assignment හෝ report, practical වගේ දේවල් තියනවනම් ඒවා සම්පූර්ණ කරලා බාර දීල තියෙන්න ඕන. (එහෙම නැත්නම් ඒවටත් සාධාරණ හේතු දක්වන්න ඕන)
මේකෙදි සාධාරණ හේතු කියල කියන්නේ ශිෂ්‍යයා බරපතල රෝගයකට ගොදුරු වීම, පවුලේ කෙනෙකුගේ මරණය හෝ අධ්‍යයන පාලක මණ්ඩලය විසින් සාධාරණ යැයි අනුමත කරන හේතුවක්. තහවුරු කිරීම සඳහා අදාළ වෛද්‍ය වාර්තා හෝ වෙනත් සහතික වගේ දේවල් විභාගයේ අවසාන දවසේ සිට සති දෙකක් තුළ ඉදිරිපත් කරන්න ඕන.
(ඔය NE, AB, DFR තුන මං chart එකේ absent කියල වර්ග කලේ විභාගයට ඉදිරිපත් නොවෙන නිසා)

ඊළඟට මං table එකේ incomplete කියල දාපු ටික ගත්තොත්,
>> I (CA) - Incomplete Assignment
මේක ලැබෙන්නේ අදාළ විෂයේ විභාගයට පෙර ලකුණු ලැබෙන Assignment, practical වගේ දේවල් සම්පූර්ණ නැත්නම්. විභාගයට ඉදිරිපත් වෙලා සමත් වුණත්, සාධාරණ හේතුවක් දක්වලා නොපැමිණ හිටියත් Assignment දීල නැත්නම් එන්නේ මේ රිසාල්ට් එක.
(Assignment වලට සමත් වෙන්න අවම ලකුණු මට්ටමක් නෑ. සම්පූර්ණ කරලා බාර දීම ප්‍රමාණවත්. හැබැයි ඒකට 100න් ලැබෙන ගණන අවසාන ප්‍රතිඵලයට බලපානවා)
>> I (SE) - Incomplete Semester Examination
විභාගය සමත් වෙන්න නම් අදාළ ප්‍රශ්න පත්‍රයට ලකුණු 100න් අවම 30ක් ගන්න ඕන. එහෙම ගන්න බැරි 29 හෝ ඊට අඩුවෙන් ගත්ත අයට ලැබෙන්නේ මේ රිසාල්ට් එක. හැබැයි Assignment කොටස සම්පූර්ණ නම් විතරයි.
>> INC - Incomplete
I(CA) හෝ I(SE) ලැබෙන්නේ කොටස් දෙකෙන් අදාළ කොටස විතරක් අසම්පූර්ණ, අනිත් කොටස සම්පූර්ණ අයට. හැබැයි කවුරුහරි මේ කොටස් දෙකම සම්පූර්ණ කරලා නැත්නම් තමයි මේ INC ලැබෙන්නේ.

එතකොට ඔය කියපු අවස්ථා වලට අයිති නොවන Assignment හා Exam කියන කොටස් දෙකම සම්පූර්ණ කරගත් අයට තමයි Grading system එකට අනුව Grade එකක් හා Grade Point එකක් ලැබෙන්නේ. ඒකත් මං Pass (කොල පාටින්) සහ Weak Grades (තැඹිලි පාටින්) කියල දෙකකට බෙදල පෙන්නලා තියෙන්නේ.
Grade එක දෙන්න බලන්නේ අවසාන ලකුණු ප්‍රමාණය. ඒ කියන්නේ විභාගයට ගත් ලකුණු ගණන හා Assignment වල ලකුණු ගණන අනුව අවසාන ලකුණු ගණනය කරනවා. මේ Assignment හා Exam වලින් ගන්න ප්‍රමාණය අදාළ විෂය මත තීරණය වෙන්නේ. (A-50% E-50% හෝ A-40% E-60% වගේ)
අවසාන විභාගයක් නැති ඒවාට අදාළ Assignment, Report වගේ ඒවායේ ලකුණු ඒවාට හිමි ප්‍රතිශත වලින් අරගන්නවා.
අදාළ විෂයට ලකුණු ලැබෙන්නේ Assignment 50% ක් හා Exam 50% ක් විදියට නම්,
විභාගය යන්තමට 100න් 30 විතරක් අරන් සමත් කෙනෙකුට එතනින් ලැබෙන්නේ 15 යි. එතකොට එයා C එකක් ගන්න නම්,
අවශ්‍ය අවම ගණන 40ක් නිසා තව 25ක් ඕන. ඒ කියන්නේ Assignment වලට 100න් 50 ක් අවම අරන් තියෙන්න ඕන.
ඒ කියන්නේ විභාගයෙන් යන්තම් 30 අරන් සමත් වෙන කෙනෙකුට Assignment ලකුණු අවම 50% ක් නැත්නම් ආපහු ලැබෙන්නේ weak grade එකක්.
(එක් එක් කොටසට ලකුණු ලැබෙන ප්‍රතිශතය ගොඩක් වෙලාවට අදාළ විෂයේ පළමු දේශනයේ විෂය හඳුන්වා දෙන මුල් Slide කීපයෙන් එකක තියනවා. Assignment ලකුණු කලින් දන්න නිසා මේ ප්‍රතිශතයත් අනුව විභාගයේදී කොච්චරක් ගන්න ඕනද කියල target කරගෙනම යන්න පුළුවන්)
දැන් අවබෝධයක් ඇති result sheet එකේ පෙන්නන දේවල් වලින් අදහස් වෙන්නේ මොකක්ද කියන එක.

දැන් මේ කතා කරපු ඒවායින් Absent යටතේ කියපු NE, AB, DFR හා Incomplete යටතේ කියපු I(CA), I(SE), INC කියන ඒවා අනිවාර්යෙන් ඊළඟ වසරේදී කරන්න වෙනවා. (පාඨමාලාව අවසන් වෙද්දී මේවා තියෙන්න බෑ)
එතනින් මං කහ පාටින් විශේෂයෙන් පෙන්නලා තියන DFR (සාමාන්‍යයෙන් මෙඩිකල් කියලනේ කියන්නේ) හැර අනිත් ඔක්කොම (රතු පාටින් පෙන්නපුවා) ලියන්න වෙන්නේ නැවත පෙනී සිටීමක් (Repeat) විදියට. DFR වලට විතරක් සාධාරණ හේතුවක් දක්වපු නිසා මුල් වරට පෙනී සිටින විදියට තමයි සලකන්නේ.
Repeat විදියට ලියන එකකට ලකුණු 100 ම ගත්තත් උපරිම ලැබෙන්නේ C සාමාර්ථයක් විතරයි. DFR ආපු එකකට එහෙම සීමා කිරීමක් නෑ. (යම් විභාග අක්‍රමිකතාවයක් වගේ දෙයක් නිසා ප්‍රතිඵල අවලංගු වෙච්ච කෙනෙක්ටත් ලියන්න වෙන්නේ repeat විදියටම තමයි, උපරිම C)
ඒ වගේම Assignment සහ Exam යන කොටස් දෙකෙන් එකක් පමණක් අසමත් කෙනෙක්ට ඒ තමන් අසමත් වූ කොටස පමණක් නැවත කිරීම ප්‍රමාණවත්. දෙකම කරන්න ඕන නෑ.
ඊළඟට ඔය ප්‍රතිඵල හැර කොටස් දෙකම සම්පූර්ණ කරගෙන Grading system එක යටතේ grade එකක් ගත්ත අයටත්, ලැබුණු ප්‍රතිඵලය Weak grade (තැඹිලි පාටින් පෙන්නපු) එකක් නම් ඒක වැඩි කරගන්න ඒ විෂය repeat එකක් විදියට ලියන්න පුළුවන් කැමති නම්. උපරිම C සාමාර්ථයක් අරගන්න පුළුවන්. (එහෙම ලියල රිසාල්ට් එක අඩු වුණාට ගැටළුවක් නෑ. දෙකෙන් වැඩි එක ලැබෙනවා)
කොහොම වුණත් එක semester එකකට weak grade තියාගන්න පුළුවන් එක විෂයක් සඳහා පමණයි. ඒ කියන්නේ weak grade එකකට වඩා වැඩි නම් ඒවා කොහොමත් ලියල C සාමාර්ථයක් ගන්නම වෙනවා. (Distinction pass එකකට වගේ යන්න බලාපොරොත්තු වෙනවා නම් weak grade තියෙන්නම බෑ. රිපීට් ලියල ගොඩ දාගන්නම වෙනවා)
එතකොට යම් ශිෂ්‍යයෙක් අදාළ සමාසිකය සමත් කියල සලකන්නේ ඒ සමාසිකයට අදාළ GPA එක (Semester GPA - SGPA) 2.00 ක් හෝ ඊට වැඩියෙන් ගත්තොත් විතරයි. ඒ වගේම එක සමසිකයකට Weak grade තියෙන්න පුළුවන් එකක් විතරයි.

<< GPA - Grade Point Average >>
මොකක්ද මේ GPA කියන්නේ? කොහොමද ඒක හැදෙන්නේ?
අපි දන්නවා හැම course unit එකකටම තියනවා Credit value කියල එකක්. ක්‍රෙඩිට් 4 ඒවා, 3 ඒවා 2 ඒවා වගේ තියෙන්නේ. මේ ක්‍රෙඩිට් ගණන දීල තියෙන්නේ අදාළ විෂයට තියන සිලබස් එක අනුව කරන්න තියන වැඩ ප්‍රමාණය සලකලා. වැඩ වැඩි ඒවාට වැඩි අගයක්, අඩු ඒවාට අඩු අගයක්. (සාමාන්‍යයෙන් යම් විෂයකට කාලසටහනෙන් වෙන් කරලා තියන දේශන + ප්‍රායෝගික පැය ගණන වැඩි නම් ඒක ක්‍රෙඩිට් ගාන වැඩි එකක්)
මේ ක්‍රෙඩිට් ගාන GPA එකට බලපානවා.
ඒ වගේම මේ course unit බහුතරයක් GPA වුණාට කිහිපයක් තියනවා Non GPA (NGPA) විදියට. ඒවා GPA ගණනය කරන්න අදාළ නෑ.
යම් course unit එකකට අදාළ Credit ගණන සහ ඒක GPA ද NGPA ද කියන එක ගොඩක් වෙලාවට අදාළ විෂයේ පළමු දේශනයේ විෂය හඳුන්වා දෙන මුල් Slide කීපයෙන් එකක තියනවා.
ඒ ඇරෙන්න GPA හොයන්න අවශ්‍ය අනිත් දේ තමයි course unit එකට ගන්න grade එකට අදාළ grade point එක. ඒක මං වගුවේ දීල තියනවා. මේක 0.0 සිට 4.0 දක්වා අගයක්. (A+, A දෙකටම 4.0 යි).

එතකොට GPA කියන්නේ grade point ගණන credit ගණනෙන් ගුණ කරලා එන අගයන් එකතු කරලා ඒක මුළු ක්‍රෙඩිට් ගණනෙන් බෙදුවම එන අගයට. (NGPA හැර)
අපි උදාහරණයක් අරගෙන බලමු.
එක සමාසිකයකට අදාළව තියනවා විෂයන් 8ක්. ක්‍රෙඩිට්
4 ඒවා එකයි,
3 ඒවා දෙකයි,
2 ඒවා පහයි
ඔක්කොම 20යි. මෙතනින් ක්‍රෙඩිට් දෙකක එකක් NGPA එකක්. එහෙනම් GPA credit තියෙන්නේ 18යි.
ශිෂ්‍යයෙක් මේවට මෙහෙම රිසාල්ට් ගත්ත කියල හිතමු.
(4) A
(3) A+
(3) A-
(2) B+
(2) DFR
(2) D+
(2) C
(2) A --- NGPA
වරහන් ඇතුලේ අදාළ ක්‍රෙඩිට් ගණන.
දැන් තියෙන්නේ අදාළ ක්‍රෙඩිට් ගණනින් අදාළ grade point ගුණ කරලා ලැබෙන එකතුව මුළු ක්‍රෙඩිට් ගණනින් බෙදන්න.
SGPA = (4*4.0 + 3*4.0 + 3*3.7 + 2*3.3 + 2*0.0 + 2*1.3 + 2*2.0) / 18
මේකට NGPA ඒවා නොගන්න නිසා අනිත් විෂයන් 7 විතරයි අරන් තියෙන්නේ. ඒ වගේම බෙදන්නේ ඒ ටිකට අදාළ මුළු ක්‍රෙඩිට් ගණනින් (18).
ඒ වගේම DFR තියන එකට 0.0 දාල තමයි ගණනය කරලා තියෙන්නේ. ඊළඟ අවුරුද්දේ ඒක ලියල එන අගය මේකට එකතු වෙනවා.
SGPA = (16.0 + 12.0 + 11.1 + 6.6 + 0.0 + 2.6 + 4.0) / 18
SGPA = 52.3 / 18 = 2.9055555
මේක දශම ස්ථාන දෙකකට වටයලා ගන්න නිසා මේ ශිෂ්‍යයාගේ මේ සමාසිකයට අදාළ Semester GPA එක වෙන්නේ 2.91 ක්.

දැන් මේ සමාසිකය සමත් වීමට ඕන කරන අවශ්‍යතා වලින් SGPA එක 2.00 හෝ ඊට වැඩි කියන එක හරි. Weak grade තියෙන්නේ එකක් විතරක් (D+) නිසා ඒකත් හරි. හැබැයි DFR එකක් තියන නිසා තාම මේක සම්පූර්ණ නෑ.
ඒ නිසා සමත්, අසමත් කියන එක තීරණය වෙන්නේ ඊළඟ අවුරුද්දේ ඒ විෂය ලියල ලබාගන්න ප්‍රතිඵලය මත. බැරි වෙලා හරි ඒකට C ට අඩු එකක් ආවොත් දැන් weak grade දෙකයි. ඒ කියන්නේ අසමත්. එහෙම වුණොත් ඒ දෙකෙන් එකක් හරි repeat ලියල C එකක් අරගන්න වෙනවා.
ඔය විදියට තමයි රිසාල්ට් එක සහ Semester GPA (SGPA) හැදෙන්නේ.
එතකොට සමස්ත GPA හැදෙන්නෙත් ඔය විදියටම පාඨමාලාවට අදාළ සියලුම GPA course unit අරගත්තම.
දැන් එතකොට ඒ ගැන අවබෝධයක් ලැබෙන්න ඇති.

එතකොට පාඨමාලාව සම්පූර්ණ කරන්න තියෙන්න ඕන අවශ්‍යතා ටිකත් මේ ගමන්ම දැනගන්න.
>> General Pass (සාමාන්‍ය සාමාර්ථ)
සාමාන්‍ය සාමාර්ථයක් ලබාගෙන පාඨමාලාව අවසන් කරන්න නම්
- සෑම සමාසිකයකටම SGPA අවම 2.00 ක් තිබීම
- සමස්ත පාඨමාලාවටම අදාළ GPA එක අවම 2.00 ක් තිබීම
- එක් සමාසිකයකට weak grades එකකට වඩා නොතිබීම
- අසම්පූර්ණ විෂයයන් නොතිබීම
කියන කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕන. ඒ වගේම මේ ටික ආරම්භක අධ්‍යයන වර්ෂයත් ඇතුළුව වසර 4ක් තුළ සම්පූර්ණ කරගන්නත් ඕන. එහෙම නොවුණොත් පාඨමාලාව සම්පූර්ණ නොකර ඉවත් වෙන්න තමයි වෙන්නේ.

>> Merit Pass (කුසලතා සාමාර්ථ)
සාමාන්‍ය සාමාර්ථ වලට ඕන කරන අවශ්‍යතා වලට අමතරව,
- සමස්ත GPA එක අවම 3.30 ක් තිබීම
- සම්පූර්ණ course unit ප්‍රමාණයෙන් හරි අඩකට වඩා A- හෝ ඉහළ සාමාර්ථ තිබීම
- මේ සියලු අවශ්‍යතා නියමිත පාඨමාලා කාලය තුළ අවසන් කිරීම
කියන කරුණු එන්න ඕන. (පිළිගත් වලංගු හේතුවක් තියනවා නම් මේ කාලය සම්බන්ධව නම් සහනයක් ගන්න පුළුවන්)

>> Distinction Pass (විශිෂ්ඨ සාමාර්ථ)
මේකට සාමාන්‍ය සාමාර්ථයකට ඕන කරන දේවල් ඇරුණම
- සමස්ත GPA එක අවම 3.70 ක් තිබීම
- සම්පූර්ණ course unit ප්‍රමාණයෙන් හරි අඩකට වඩා A හෝ ඉහළ සාමාර්ථ තිබීම
- Weak grades එකක් හෝ නොතිබීම

පාඨමාලාව සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලත් අදහසක් එන්න ඇතිනේ. ඒ නිසා සම්පූර්ණ කරගන්න ඕන අවශ්‍යතා ටික ලබාගන්න පුළුවන් විදියට වැඩ කරන්න.
- දිල්ෂාන් මධුරංග
---------------

No comments:
Post a Comment